BREAKING NEWS
Search

මගේ සැමියා නම් කියන්නේ මගේ කෑම ගොඩක් රසයි කියලා – කටට රසට කෑම උයන්න දක්ෂ ටනාෂා

831

ජනප්‍රිය කලා නිර්මාණ රැසක් ඔස්සේ ඔබ අප දුටු තනාෂා සතරසිංහ වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. නිතර තනාෂාගෙන් අහන ප්‍රශ්නවලට වඩා අප මෙවර ඇයට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඒ ප්‍රශ්නවලට දුන් ප්‍රතිචාරයි..

ටනාෂා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් තමයි තනාෂා කියන්නේ. තවත් අතකින් ගත්තොත් තනාෂා කියන්නේ සරළ ගති පැවතුම් තියෙන අහිසංක ගැණු ළමයෙක් කිව්වොත් හරි.

රංගනයට අමතරව ටනාෂා දක්ෂ තව මොනවටද?

පොඩි කාලේ ස්විමිං කරලා තියෙනවා. ක්‍රීඩාවක් විදිහට ගත්තොත් මම ස්විමිං වලට දක්ෂයි. ඊට අමතරව මට සහජ හැකියාවක් තියෙනවා චිත්‍ර අඳින්න. පාසල් යන කාලේ මම චිත්‍රවලට ගොඩක් දක්ෂතා පෙන්නපු කෙනෙක්.

කලාව පැත්තට සම්බන්ධ නොවුණා නම් ඔබ තෝරගන්න වෘත්තිය කුමක් වෙයිද?

රඟපාන්න ආවේ නැත්නම් බොහෝ දුරට මම වෛද්‍ය වෘත්තිය තෝර ගනියි කියලා හිතනවා. මම උසස් පෙළ ලිව්වේ ජීව විද්‍යා අංශයෙන්. විශේෂයෙන්ම මගේ පොඩි කාලේ ඉඳලා කැමැත්ත තිබ්බේ බටහිර වෛද්‍ය ක්‍රමයට නෙමෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට. රංගනයට සම්බන්ධ වුණේ නැත්නම් අද මම ජිව විද්‍යා අංශයෙන් තියෙන රැකියාවක් බොහෝ දුරට තෝරගනියි කියලා මම හිතනවා.

ටනාෂාට දැනෙන විදිහට ටනාෂාගේ ඇගේ ලස්සනම කොටස මොකක්ද?

සමහර අය කියනවා මගේ කොණ්ඩේ ලස්සනයි කියලා. තවත් අය කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. හැබැයි ඉතින් මං දන්නේ නැහැ මගේ ඇස් දෙක කොණ්ඩේ ලස්සනද කියලා. මට හිතෙන විදිහට මගේ හිනාව ලස්සනයි කියලා.

ටනාෂාට රසට උයන්න පුළුවන්ද?

ඔව් මට රසක කෑම උයන්න පුළුවන්. විශේෂයෙන්ම මස් මාළු වර්ග. ඊට අමතරව අතුරුපස වර්ග හදන්න පුළුවන්. මම හිතනවා මට සාමාන්‍ය කෑම වෙලක් රසට හදාගන්න පුළුවන් කියලා. මගේ සැමියා නම් කියන්නේ මගේ කෑම ගොඩක් රසයි කියලා.

බුද්ධික සේනාධීර

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *