ගාල්ල දෙස සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන්කළේ මියගිය පුද්ගලයා ඉහළමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඊයේ (18) සවස් කාලයේදී ගාල්ල වරාය පොලිස් වසමේ කොටුගොඩ දුම්රිය මාර්ගයේ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
මෘතදේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සදහා ගාල්ල රෝහගේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

















