Search

ඔසරියකින් හැඩ වුණු එයාගේ ලස්සන බලන්නකො. ජායාරූප සියල්ල එක පෙලට

163

මගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය. පුංචි කාලෙ ඉඳන්ම පාසලේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා වැඩ කළා. ඒ අතර සිංහල නාට්‍යවලටත් සම්බන්ධ වුණා. එක දවසක් එක්තරා ආයතනයකින් අපේ පාසලට නාට්‍ය පුහුණු කරන්න එන කණ්ඩායමක බුද්ධි රන්දෙණිය මහත්මියත් ඉන්නව. ඇය සෝමරත්න දිසානායක මහත්මයාගේ ජංගි හොරා චිත්‍රපටයේ චරිතයක් කළ කෙනෙක්. මේ පුහුණු සැසියේදී එතුමිය තමයි මගේ ගුරුවරිය වෙන්නෙ. එතනදි ඇය මගේ හැකියාව හඳුනාගෙන බොහොම හිතවත් වෙනව. මේ දැනහැඳුනුම්කමත් එක්ක සෝමරත්න දිසානායක මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයට කෙනෙක් හොයනව කියල ඇය මට කිව්වා. ඒ අනුව ඔඩිෂන් එකේදි එතුමා මාව තෝරා ගන්නවා. එතුමා එතනදි මගෙන් අහනව පිහිනන්න පුළුවන්ද කියල. මම ඔව් කියනව. එතුමා කියනව” ඒක හොඳයි. ගොඩක් ළමයි රිජෙක්ට් වුණේ පිහිනන්න බැරි නිසා කියල.

සිංහබාහු සමග සිනමාවට එන අභිලාෂි
● බොහෝ අය වගේ ඔබත් මේ හීනය දකින්න ඇති?

ඔව්” දන්න කාලෙ ඉඳන් මට තිබුණ ආසාවක් තමයි හොඳ චිත්‍රපටයකට රංගනයෙන් දායක වීම. පෞද්ගලිකව මගේ කුඩා කාලය සිනමාවෙන් හැඩ කළ දෙන්නෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා සහ රේණුකා බාලසූරිය මහත්මිය. ඔඩිෂන් එකෙන් පස්සෙ චිත්‍රපටය සඳහා තෝරාගත්තා කියන පණිවිඩය ලැබුණාට පසුව මට විශ්වාස කරන්නත් බැරි වුණා.

● පිටපත කියවද්දි ඔබේ චරිතය ගැන චිත්තරූප මැවෙන්න ඇති. අභියෝගය භාරගන්න දෙවරක් හිතන්න වුණාද?

පිටපත අතට දෙන්න කලින් ඔවුන් දෙපළම මා සමග බොහොම ළෙංගතුව කතා බහ කළා. අනතුරුව පිටපත දීලා සම්පූර්ණ විස්තරය කියල දුන්නා. එතැනින් පස්සෙ මට පොඩි බයක්වත් දැනුණෙ නැහැ. ඔවුන් මං ගැන තියල තිබුණ විශ්වාසය මට දැනුණා. නමුත් සමහර දර්ශන මට ලොකු අත්දැකීමක් වගේම ලොකු අභියෝගයක් වුණා.

● නිරුවත් දර්ශන ගැන බයක් තිබුණෙ නැතිද?

නැහැ” මට එවැනි බයක් ඇති වුණේ නැහැ. මොකද කිසිම විදිහකින් මම නිරුවත් වුණේ නැහැ. නිරුවත් බව හැඟවෙන් දර්ශන කිහිපයක් පමණයි මේ නිර්මාණයේ තියෙන්නෙ.

● ඇත්තටම අභියෝග තිබුණාද?

මට ලැබුණ චරිතය ටිකක් අභියෝගාත්මකයි. නමුත් රංගන ශිල්පිණියක් වුණාම ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනනෙ. බුද්ධික අයියගෙ මේකප් එකෙන් සහ රෝෂිණී අක්කගෙ කොස්ටියුම්වලින් තවත් ඒ චරිතයට කිඳා බහින්න මට පුළුවන් වුණා. අඛිල අයියාත් බොහෝ තැන්වලදි උපදෙස් දෙමින් මාව තනි නොකර ළඟින්ම හිටියා.

● අඛිල සමග රඟපාන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?

මුලදිම සෝමරත්න මහත්මයා කිව්වා ඔයාට රඟපාන්න තියෙන්නෙ ජැක්සන් ඇන්තනීගේ පුතා” අඛිල ධනුද්ධර එක්ක කියල. මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා. ඇඟේ හිරිගඩුත් පිපුනා. මට දැනුණා මේ වගේ දැවැන්තයන් පිරිසක් එක්ක නේද මට රඟපාන්න තියෙන්නෙ කියල. ඇත්තටම ඒක ලොකු සතුටක් වුණා.

● රූගතකිරීම් අවසානයේ අධ්‍යක්‍ෂවරයාගේ සහ නිෂ්පාදිකාවගේ අදහස් මොන වගේද?

ඇත්තටම ඔවුන්ගේ කතාවෙන් මට දැනුණෙ ඔවුන් අපේක්‍ෂා කළා වගේම නිර්මාණය සාර්ථක වුණා කියල වගේම මගේ රංගනය ගැන ඔවුන් දෙදෙනාම සෑහීමකට පත්වෙලා තියෙනව කියල.

● මේ දවස්වල මොකද වෙන්නෙ?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් කිහිපයක් භාරගෙන තියෙනව. නමුත් මම ගොඩක් වෙලාවට තෝරාබේරාගෙන තමයි නිර්මාණයක් භාරගන්නෙ. කිසිම හදිස්සියක් නැහැ. මම මේ ගමන යන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඉදිරියේදී හොඳ නිර්මාණ කිහිපයකින් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න අදහස් කරනව. මේ දවස්වල නම් සිංහබාහු තිරගත වනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නව. එතනින් පස්සෙ අලුත් වැඩ කිහිපයකට සම්බන්ධ වෙන්නත් අදහසක් තියෙනව.

අපූරු ඔසරියකින් සැරසිලා මල් මිටක් අතට ගත්ත ඇගේ ලස්සන මේ බලන්නකෝ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *