BREAKING NEWS
Search

ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්දගෙන් සුභ ආරංචියක්

220

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා.

අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *