කුඩා දරුවෙක්ට අමානුෂිකව පහර දුන් කාන්තාවන් දෙදෙනාට වැඩ වරදී – මවත් අනුබල දීලා

152

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තවමත් වයස අවුරුදු 6ක පසුවෙන දරුවෙක්..

මව පියාගේ විරසකවීම් හමුවේ මේ පුංචි මල් කැකුළට ජීවත් වෙන්න සිදුවෙන්නේ එයාගේ අම්මා එක්ක වුණත්, ඒ ගෙවන කාලය මේ දරුවාට ගොඩක් වෙහෙසකර කාලයක් වෙනවා..

කුඩා දරුවෙක්ට කාන්තාවන් දෙදෙනෙක්ට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍යයේ දැකගන්න ලැබෙනවා..

අරණායක ප්‍රදේශයෙන් වාර්තා වෙන මේ සිද්ධියට සම්බන්ධ පිරිස මේ වෙනකොට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා..

අරණායක පොලිසිය පැවසුවේ මේ පිරිස අතරට දරුවාගේ මව, මිත්තණියන් දෙදෙනෙක් සහ තවත් කාන්තාවක් ඇතුළත් බවයි..

හය හැවිරිදි දරුවාගේ මිත්තණියන් දෙදෙනා විසින් මෙම අමානුෂික පහරදීම සිදු කර ඇති අතර, දරුවාගේ මව සහ අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමට අනුබලදීම සම්බන්ධයෙන් බවටයි වාර්තා වෙන්නේ..

අදාල සැකකාරියන් මේ වන විට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *