සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටී රියදුරෙක් ජීවිතක්ෂයට – ජායාරූප මෙන්න

185

මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගොස් ඇත්තේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *