BREAKING NEWS
Search

මහ මගදී හමුවුණු විදෙස් තරුණියකගෙන් වතගොත විමසූ කොළුගැටයෙක් , තරුණියගේ ළැම අතගා පළාගිහින්…තරුණයා සොයා විමර්ශන

80
ලංකාව, සංචාරක කර්මාන්තයට ගොඩක් ප්‍රසිද්ධ රටක්..

ඒ වගේ රටක මේ වගේ කතා ඇසෙනවා කියන්නේ ඇත්තටම කණගාටුදායක පුවතක් වගේම, එය සංචාරක කර්මාන්තයටත් රතු එළියක්..

මේ පුවත ඇසෙන්නේ අනුරාධපුරයෙන්… අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් අසලදී ප්‍රංශ ජාතික කාන්තාවකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවර සිදු කොට පලා ගොස් තිබෙනවා..

ඒ අනුව අදාළ කාන්තාවගේ පැමිණිල්ල මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…

වින්දිත කාන්තාව ඇගේ මිතුරියක් සමග අනුරාධපුර පූජා නගරය නැරඹීමට ගොස් පැමිණ නැවත රන්මසු උයන නැරඹීම සඳහා පා පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් ඉදිරියට පැමිණි පුද්ගලයකු එම විදේශීය කාන්තාවන් දෙදෙනා නතර කොට ඉංග්‍රීසි බසින් ඔවුන් පැමිණි රට කුමක්දැයි විමසා ඇති අතර, එම අවස්ථාවේ එසේ තොරතුරු විමසා ඇති එම පුද්ගලයා තමාට ඉදිරියෙන් පා පැදියේ සිටි ප්‍රංශ ජාතික කාන්තාවගේ පපු ප්‍රදේශය සියතින් මිරිකා පලාගොස් බවයි ඇගේ මිතුරිය පවසන්නේ…

එම අවසථාවේ දී ඇය පා පැදියෙන් වැටීම නිසා එම කාන්තාවට පාදයකට සුළු තුවාල සිදුවී තිබුණා.. තමන් මුහුණ පෑ එම සිද්ධිය සම්බන්ධව විදේශික කාන්තාවන් දෙදෙනා විසින් තිසාවැව පොලිස් ජීවිතාරක්ෂක මුරපොළේ නිලධාරීන් වෙත පවසා ඇති අතර, ඒ අනුව එහි සිටි පොලිස් නිලධාරීන් වින්දිත කාන්තාව පසුව අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානය වෙත යොමු කර තිබුණා…

එහිදී පාපැදියෙන් ඇද වැටීමෙන් තමාට සිදු වූ සුළු තුවාලය සඳහා වෛද්‍ය ප්‍රතිකාර අනවශ්‍ය බව පොලිස් නිලධාරීන්ට පවසා ඇති එම කාන්තාව පසුව අනුරාධපුර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා..

එම විදේශික කාන්තාවන් දෙදෙනා අනුරාධපුර නගරයේ පිහිටි සංචාරක හෝටලයක දින කීපයක සිට නවාතැන් ගෙන සිටින අයවලුන් බවට අනුරාධපුර සංචාරක පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා..

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන පවත්වනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *