BREAKING NEWS
Search

දරුවො දෙන්නාත් එක්කන් එන්න කියල තමයි මේ උත්සවයට ආරාධනා කර තිබුනේ. ඒ ගැන හිතාගන්න බැරි කම්පනයක් මට තියෙන්නෙ – රෝහලේ සිට කේ.සුජීවා කතා කරයි

209

අතුරුගිරිය වෙඩිතැබීමේ සිදුවීමෙන් පාදයකට බරපතල තුවාල සිදුවූ ගායිකා කේ. සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇයගේ පාදයේ සැත්කමක්ද සිදු කළ අතර ඇය ආසන්නයට යන්නට පවුලේ අයට හා ළඟම හිතවතුන්ට පමණක් රෝහලෙන් අවස්ථාව සලසා ඇත.

ඇයගේ සුවදුක් විචාල අය  සැපයූ තොරතුරු අනුව සුජීවා සිද්ධිය මෙසේ ‍විස්තර කර තිබෙයි.

”දුලාන්ව මං දන්නවා. එයා ආරාධනාවක් කරාම බැහැ කියන්න බැහැනෙ. මට දරුවො දෙන්නාත් එක්කන් එන්න කියල තමයි මේ උත්සවයට ආරාධනා කර තිබුනේ.ඒත් මං ඒ දෙන්නා එක්ක ගියේ නැහැ. එහෙම ගියානං ඒ අයටත් ප්‍රශ්නයට මුහුණදෙන්න වෙනවා. වසන්ත ගැන මං දැනගෙන හිටියට මේ උත්සවයට පෙර ඔහුව හමුවී නැහැ. මුල්වරට එයා හමුවුනේ.

 

මාත් එක්ක පොඩි විහිළුවකුත් කරා. එයා කිව්වා මාව වීඩියෝ වලින් දැක්කට හැබැහින් දැකල නැති බව.  එයා මං වීඩියෝ වල ලොකු සයිස් කෙනෙක් කියල හිතං හිටි නමුත් දැක්කම හරි පොඩි කෙනෙක්නෙ.. කියල විහිළුවට කිව්වා. වෙඩි තැබීමේ සිදුවීම හිතුවෙ නැති වෙලාවක එකපාරට සිදුවුනේ. මගේ වම් කකුලට එක්වරම වෙඩි වැදුණා.

 

තුවාලෙත් එක්කම මං බිම වැටුණා.මං කකුල අල්ලගෙන කෑගැහුවා. වසන්ත බිම වැටිල ලේ පෙරාගෙන ඉන්නව දැක්කා. මං කෑහල කිව්වා අපිව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියලා. මේ සිද්ධියෙන් නයන නැති වුණා. ඒ ගැන හිතාගන්න බැරි කම්පනයක් මට තියෙන්නෙ.

මට පැය තුනහමාරක විතර සැත්කමක් කරා. දැඩි සත්කාරෙ හිටියා.දැන් නං සාමාන්‍ය වාට්ටුවක ඉන්නෙ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *