සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් සිය උපන්දිනය මහ මුහුදේ යාත්‍රාවක ඔහුගේ හිතවතුන් පිරිසක් සමග සමරා තිබෙනවා.
මෙම උපන්දින සැමරුම සිදුකර ඇත්තේ සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු කෙරෙන දිනයේ දීමයි.
මෙලෙස සමරා ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ 38 වැනි උපන්දිනය බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඩුබායි රටේ සැඟව සිටින ලොකු පැටි නැමැත්තාට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ මොහු බවයි පොලිසිය සැකපළ කරන්නේ.



















