ඔබත් රයිස් , කොත්තු කන්න ගොඩක් ආසකරන කෙනෙක්ද..?
හැමදාමත් අහස උසට මිල වැඩි වෙන රයිස්, කොත්තු කන්න කැමති ඔයාට නම් මේක සුබ පණිවිඩයක් වේවි..
විදුලි බිල අඩු කිරීමත් සමඟ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා..
ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එම සංගමය පවසන්නේ..
.
එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..




















