BREAKING NEWS
Search

දිව පැත්තකට යනවා අම්මේ මට කතා කර ගන්න බෑ. පොඩ්ඩන් ලෙඩ කළ පෙත්තේ සුළමුල ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න

110
දරුවන්ට ඖෂධ ලබාදීමේදී ඇත්තටම ඒ ගැන ගොඩක් සැලකිලිමත්වෙන්න ඕන.. මේ කියන්න යන්නේ නොසැලකිල්ල නිසා සිදුවුණ තවත් එවැනිම කණගාටුදායක කතාවක් ගැනයි..

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් සඳහා මිහින්තලය ප්‍රාදේශීය රෝහලෙන් ලබා දුන් එන්නතකින් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා..

මෙලෙස එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 06ත් 13ත් අතර වයස් සීමාවන්වල පසුවන සිසුන් පිරිසක්..

මෙම සිසුන් පිරිස ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ විමෙන් ඔවුන් ආසාධ්‍ය ත්ත්වයට පත් වී තිබෙනවා..

අනතුරුව එම සිසුන් පිරිස වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *