ක්ලබ් වසන්තට කළ දේම කරනවා – ලොකු දොස්තරට මරණ තර්ජන..

128
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මරණ තර්ජනය කළ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් කාර්යලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා..

ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා යැයි එම පෝස්ටරයේ සඳහන් වනවා..

සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පැමිණීල්ලක් පොලිසියට සිදුකර තිබෙනවා..

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කැකිරාවෙන් ඉවත්වන්නැයිද එසේ නොවන්නේනම් ක්ලබ් වසන්තට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇති බවයි එම පෝස්ටර්වල දැක්වෙන්නේ..

පිරිස විසින් එහි ගොඩනැගිලි 03කට කලුතෙල් ප්‍රහාර එල්ලකර තිබුණා..

මෙම සිද්දියත් සමග ආරම්භ කළ පරීක්ෂණ සදහා අද දිනය පුරා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දැමීම හේතුවෙන් අදට නියමිත සායන අවලංගු කෙරුණා..

කෝටි ගණනක් වටිනා පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පැවරූ නඩුව මේ වනවිට අධිකරණයේ විභාග වනවා..

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මගින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා..

අනුරාධපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සලකුණු ඒකකයේ නිලධාරීන්ද සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා..

කැකිරාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදුකරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *