BREAKING NEWS
Search

කොල්ලුපිටියේ අනතුරක් – මනාල යුවළට ඇතුළු 05 දෙනෙක් රෝහලට – ජායාරූප මෙන්න

133

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම  එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටීමෙන්  මනාල යුවල ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි

තුවාල ලැබූවන්ගෙන් මනාල යුවල රෝහල් ගත වී නොමැති අතර මංගල රථයේ රියදුරු ,අනෙක් මෝටර් රථයේ රියදුරු  සහ යතුරුපැදිකරු රෝහල් ගතව ඇතැයි පොලිසිය සඳහන් කරයි

සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත රථවානාන්තයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විශ්ව සමරසිංහ පොලිස් කොස්තාපල් 8729 සතර සිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *