BREAKING NEWS
Search

ලන්ඩනය සලිත කළ ද්විත්ව ඝාතනය – සිරුරු කොටස් සූට්කේස්වල

146

එංගලන්තයේ ප්‍රකට පාලමක් අසල තිබී හමුවූ සූට්කේස්වල තිබී මිනිස් සිරුරු කොටස් හමුවූ බව ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය පැවසීය.

පසුව සිදුකළ විමර්ශන වලින් අනතුරුව මිනීමැරීමේ චෝදනාව මත පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් බලධාරීන් පැවසීය.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ Yostin Andres Mosquera නම් 34 හැවිරිදි කොලොම්බියා ජාතිකයෙකි.

බ්‍රිස්ටල් හි පිහිටි ක්ලිෆ්ටන් පාලම තිබී සිරුරු කොටස් සහිත සූට්කේස් හමුවී තිබු අතර සැකකරු ගේ නිවසේ තිබී තවත් සිරුරු කොටස් හමුවූ බව වාර්තා වෙයි.

මෙහිදී ඝාතනය කර ඇත්තේ ඇල්බර්ට් අල්ෆොන්සෝ (62) සහ පෝල් ලෝංවර්ත් (71) නම් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරු කලකට පෙර ඔවුන් දෙදෙනා ජීවත් වූ නිවසේ වාසය කර තිබූ බව විමර්ශකයින් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *