රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැගී අද (මැයි 17) විරෝධතාවක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රැඳවියන් 20 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවක නිරතවී ඇති බවය.
ඉකුත් 12 වන දා බන්ධනාගාර ගත කරන රැඳවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා මෙලෙස විරෝධවක නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
බෝගම්බර බන්ධනාගාරය වෙත පැමිණෙන නව රැඳවියන් දින 14ක කාලයක් පැරණි බෝම්බ්ගර බන්ධනාගාරයේ රඳවා තබා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු කරනු ලැබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඒ අනුව ආදාළ රැඳවියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ එළඹෙන 22 වන දා සිදු කිරීමට නියමිත බවය.
අදාළ රැඳවියන් සමග බන්ධනාගාර පාලනාධිකාරිය සාකච්ඡා කර ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

















