කොහොම වුණත් අද නැවත වතාවක් ඒ ගැන අලුත් ආරංචියක් අහන්න ලැබුණා..
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි..
තව ද ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය 55%කින් අඩු කර ඇති අතර එය අගයක් වශයෙන් රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුවීමක්..
මේ අතර ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය ඒ අනුව රුපියල් 280ක් බව ද මහජන උපයෝගීතා කොමිසම පවසනවා..
එසේම මාසිකව විදුලි ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත රුපියල් 700ක් වන බව ද ඔහු සඳහන් කළා..