BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින ටැටූ ආයතනයේ හිමිකරු ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් පියවර

108

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ටැටූ ආයතනයේ හිමිකරුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සැකකරු විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එම ආරක්ෂාව ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

එම සැකකරු මේ වනවිට කොළඹින් බැහැර වෙනත් බන්ධනාගාරයක විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව සඳහන්ය.

අනෙක් සැකකරුවන් 6 දෙනා කොළඹ බන්ධනාගාරයේ රඳවා තබා ඇති බව ගාමිණි බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *