BREAKING NEWS
Search

මධූෂ්ගේ සුසානය ලග තිබු බැනරයට මාලිගවත්තෙන් පිළිතුරු පෝස්ටර්

208

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා.

එම දැන්වීම්වල සඳහන් වෙන්නේ ‘පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා’ යන්නයි.

එමෙන්ම කැද ඉම්රාන්ගේ පවුලේ උන්ටත් ඒ දඬුවමමයි යන්නත් එම දැන්වීම්වල සඳහන් බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයෙහි ඊයේ (13) පස්වරුවේ ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද බැනරයක් ප්‍රදාර්ශනය කර තිබෙනවා.

එහි සඳහන් වී ඇත්තේ, “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන් බවයි වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඔහු සඳහන් කළේ එම බැනරයේ යටින් K.P.I. යනුවෙන් අකුරු තුනක්ද සටහන් කර ඇති බවයි.

මේ අතර මාතර ප්‍රදේශයේද මෙවැනිම දැන්වීම් කිහිපයක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *