එහිදී වසන්තගේ මව අවමංගල සභාව අමතමින් පැවසුවේ වසන්ත මෙන් පුතෙකු කිසිඳු අම්මා කෙනෙකුට නොලැබෙන බවත් එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද සඳහන් කළා.
තමා දැන් “මගේ පුතා” කියා නොපවසන බවත් “ඔබතුමාට නිවන්සුව” යැයි ප්රාර්ථනා කරන බවත් වසන්තගේ මව පැවසුවා.
එමෙන්ම මේ පුන්ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා යැයි ප්රාර්ථනා කරන බවද ඇය වැඩිදුරටත් සිය අවමංගල කතාවේදී සඳහන් කළා…
“මේ ලෝකේ අස්ථිර බවත් දන්නවා.මැරෙන බවත් දන්නවා.කම්පා වෙන්න ඕනේ නැහැ කියලාත් දන්නවා.දරුවන්ට හොද තාන්තා කෙනෙක්,බිරිදට හොද ස් වාමියෙක්. මේ තරම් මිනිස්සුන්ට කන්න බොන්න දෙන. මම නම් හිතන්නේ නැහැ අම්මා කෙනෙකුට මෙහෙම දරුවෙක් හම්බ වෙයි කියලා. මුලු ලෝකෙම දාලා ගියා. මම දැන් මගේ දරුවා කියන්නේ නැහැ. අසත්පුරුෂයින් මැද ඉන්න එපා…”


















