රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුව නොමැති අතර එහිදී තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ
මතුගම පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වීම සඳහා යමින් සිටියදීයි ඔහු ගමන් ගත් වාහනය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ
ඒ අතර
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




















