සැකකරුවන්ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් වීඩියෝ ගත කර මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (12 දා) සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
මීට පෙර ද පසුගිය කාලවලදී පොලිස්පතිවරුන් මෙවැනි චක්‍රලේඛයන් නිකුත්කර ඇතත් එම චක්‍රලේඛ අනුව ක්‍රියාකර නැති බව පෙනෙන්ට තිබෙන නිසා පොලිස්පතිවරයා යළිත් මෙම චක්‍රලේඛය මෙසේ නිකුත්කර තිබේ.
මෙම තත්ත්වය මත සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතුවලට බාධාවන් වී ඇති බව ද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරාගේ මරණය පිළිබඳ ටැටූ ආයතනයේ හිමිකරු පොලිසියට ලබාදුන් ප්‍රකාශ වීඩියෝ කර මාධ්‍යට ඉදිරිපඅත් කිරීමේ සිද්ධිය හේතුකර ගෙන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය මෙසේ නිකුත්කර ඇත.
නෝමන් පලිහවඩන

















