BREAKING NEWS
Search

යාපනයේ කෝවිලක ලක්ෂ 98ක් රන් සහ මුදල් කොල්ලයක්

86

කෝවිලක තැන්පත් කොට තිබූ ලක්ෂ 90ක් වටිනා රන් පවුම් 64ක් සමග රුපියල් ලක්ෂ 8ක මුදලක් සොරාගෙන තිබෙනවා.

කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් ලද ආදායම බැංකුවේ තැන්පත් කරන තුරු කෝවිලේ තබා තිබියදී මෙසේ කොල්ල කා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඌර්කාවතුර පොලීසියට ඊයේ (11) පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.

කෝවිලේ අගුලු දමා තිබූ දොරවල් තුනටම සමාන යතුරු කපාගෙන සංවිධානාත්මක ලෙස කොල්ලය සිදුකර ඇති බවටයි කෝවිල බාරකාර පූසාරීවරයා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ.

යාපනයේ ඌර්කාවතුරේ ශ්‍රී විනයාගර් කෝවිලේ මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ඌර්කාවතුර පොලීසිය විමර්ශන අරඹා තිබෙන අතර කෝවිල අවට නිවාස හා වෙලඳසැල්වල සී.සී.ටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කරමින් සිටින බව පැවසෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *