BREAKING NEWS
Search

දුම්රිය වර්ජනයේ මිනිස් බිල්ල

108

කොළඹ සිට පොල්ගහවෙල දක්වා ඊයේ (10) පස්වරුවේ ධාවනය වූ දුම්රියක පැවති මගී තදබදය හේතුවෙන් එහි පාපුවරුවේ ගමන් කරමින් සිටිය දී බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අත්තනගල්ල අල්ගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ජයන්ත කළුආරච්චි නමැති අවිවාහක පුද්ගලයෙකි.

ඔහුගේ සහෝදරිය විසින් දේහය හඳුනාගෙන ඇත.

ඔහු කොළඹ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක කොත්තු බාස් කෙනෙකු වශයෙන් සේවයකළ අයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේදී හෙට (12) සිදු කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *