BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ ඝාතකයින් අල්ලන්න ආරක්ෂක අංශ ගත් තීරණය

100

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකුගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ මුර කපොලුවල ආරක්ෂාව තරකර ඇති බවට වාර්තා වනවා.

මන්නාරමේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැණුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදීසී කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කිහිපයක් අලුතින් ආරම්භ කළ බවයි.

ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටුවල ධීවර හැදුණුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබඳව නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකා නිලධාරීන් සහ ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීසියකින් සිටින බවයි එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *