BREAKING NEWS
Search

ටැටූ සාප්පුවේ හිමිකරු දුලාන් සන්ජුලගේ නැගණිය සහ මළනුවන් ගැන අනාවරණයක්

142

අතුරුගිරියේදී සඳුදා උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” සහ කේ. සුජීවාගේ සැමියා නයන වාසුල විජේසූරිය මිය ගියා.

තුවාල ලද ඉතිරි හතර දෙනාගෙන් තිදෙනෙකුම කාන්තාවන්ය.

ඒ අය වන්නේ ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය මැණික් විජේවර්ධන හා යොමානා කෞෂධීය.

රෝහල් ගතව සිටි කාන්තාව ‘යොමානා කෞෂධී’ ය.

‘යොමානා කෞෂධී’ යනු වෙනත් කිසිවෙකු නොව මේ වනවිට ඝාතන සැලසුමට සෘජුවම දායකවූ බවට පිළිගෙන ඇති ටැටූ සාප්පුවේ හිමිකරු දුලාන් සන්ජුලගේ නැගණියයි.

දුලාන් සන්ජුලගේ මළනුවන් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සාප්පුවේ දොර අසළ එලියේ සිටගෙන සිටින අතර ඔහු මෙම සිදුවීමට අදාළව ඔත්තු සැපයූ‍දැයි සැකයට පොලිස් ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *