BREAKING NEWS
Search

කේ.සුජීවාගේ සැමියා නයන වාසුලගේ අවසන් කටයුතු අද

218

පසුගියදා අතුරුගිරියේ සිදු වූ වෙඩි ප්‍රහාර වලට මැදි වී අවාසනාවන්ත ලෙස මිය ගිය නයන වාසුල විජේසූරියගේ දේහය කේ සුජීවාගේ දියනියන් විසින් භාරගනු ලැබ දේහය දැන් මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

අද සවස 4.00ට අවසන් කටයුතු සිදුකරන්නට නියමිතයි.

පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල සම්බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ‘ගම්පහ මහානාම හිමි’ පසුව ගිහි ජීවිතයට එලැඹ නයන වාසුල විජේසූරිය නමින් කේ සුජීවා සමග 2021 දී විවාහ වූ අතර මියයන විට 37 වැනි වියෙහි පසු වුණා.

දේහයට ගෞරව දක්වන්නට ඔහුට ළැදි ස්වාමීන් වහන්සේලාද වැඩම කළ බව වාර්තා වුණා.

අවසන් කටයුතු අතරතුර ඡයාරූප කිහිපයක් මේ සමග පලවේ. ඡායාරූප වල කේ සුජීවාගේ දියනියන්ද දැක්වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *