තවමත් පරීක්ෂණ පවත්වමින් යන අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුවත් ගොඩක් අදත් අසන්න දකින්න ලැබෙනවා..
මෙම සිද්ධියෙන් මියගිය ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස සැලකෙන ජනප්‍රිය ගායන ශිල්පී කේ.සුජීවාගේ ස්වාමිපුරුෂයාගේ දේහය අධිකරණ නියෝග මත ඉයේ භාරදෙනු ලැබුවේ කේ. සුජීවාගේ දියණියන් දෙදෙනාටයි..
අදාළ දේහය මේවනවිට මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා…
නයන වාසුල නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්…
ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූ අතර පොලිසිය පැවසුවේ ඔහු කලකට පෙර පැවිදිව සිටි අයෙක් බවයි…
ඔහු 2021 වසරේ කේ. සුජීවා සමග විවාහ දිවියට එළබ තිබෙනවා…





















