BREAKING NEWS
Search

දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවට වෙච්ච දේ

157

තම දරුවන් තිදෙනා  හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක්  පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු  කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා ඇත.

පසුව ඇය  වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසමින් ඉල්ලීමක් කර තිබේ.

අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සා කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *