BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ දේහය බලන්න ඥාතීන් රෝහලට එන්න එපා කියයි

98

අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මරණයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක් වෙත අද පස්වරුවේ ගෙන ඒමට නියමිතය.

මේ වන විට ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ දේහය දැනට තබා ඇති හෝමාගම රෝහල වෙත පවු‍ලේ කිසිදු සාමාජිකයෙකුට නොපැමිණෙන්නැයි පොලිසිය දන්වා තිබෙනවා.

ඊට හේතුව ලෙස පොලිසිය සඳහන් කර ඇත්තේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂක පියවරක් ලෙස මෙම උපදෙස් දුන් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *