රාජපක්ෂ දොන් සුරෙන්දු වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත ‘ ඝාතනය කෙරුණේ හිටපු පාතාල නායක මාකඳුරේ මධුෂ් අතර සිදුවූ බව කියන කෝටි හැත්තෑවක මුදල් ගනුදෙනුවක් මත දැයි යන්න සැක මතුවී ඇතැයි මේ වන විට කසුකුසුවක් නිර්මානය වී තිබෙනවා..
මෙම මුදල දැනට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබාගෙන සිටින බව කියන පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ඉල්ලා තිබූ බවත් එම මුදල ලබාදීම ක්ලබ් වසන්ත විසින් මග හැරීම නිසා කංජිපාණී විසින් සිය ගෝලයින් දෙදෙනෙකු යොදවා මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්දැයි යන්න ගැන සැක මතුවී ඇති නිසා සම්බන්ධයෙන්ද සොයා බැලීමක් පොලිසිය විසින් සිදු කරගෙන යනවා.. කෙසේ වෙතත්, මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර සිටියදී කංජිපානි සහ මධුෂ් ගජ මිතුරන් වුණා…



















