අතුරුගිරියේ අද (08) සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අවසන් වතාව පෙනී සිටි ඡායාරූපය මේ වන විට නිකුත් වී තිබෙනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද ඒ අතර වනවා.
එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යැවුණා.
මේ අතර අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි වාහනය කඩුවෙල, කොරතොට ප්‍රදේශයෙන් දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



















