අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය විදේශයක සිට සැලසුම් කළ එකක් බවට සැකපළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් පවසනවා.
දෙපාර්ශවයක් අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවට අනාවරණ වී ඇති කරුණු ඔස්සේ මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
කෙසේ වෙතත් නිශ්චිතවම කරුණු කිසිවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, සිද්ධිය සැළ වු වහාම සැකකරුවන්ට රටින් පළානොයාමටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවද ඔහු සදහන් කළා.
මේ අතර අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳගේ බෑගයේ තිබී රිවෝල්වරයක් හමුවී තිබෙනවා.
එය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත්, ඒ සඳහා බලපත්‍ර සහිත රිවොල්වරයක්ද නැද්ද? යන්න සම්බන්ධයෙනුත් සොයා පරීක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

















