BREAKING NEWS
Search

මල්ලී, අයියාට බිරිඳ දන්දෙයි- කුලියාපිටියෙන් ඇහෙන අදහාගන්න බැරි වෙනස්ම විදිහේ කතාවක්…

559
පවුලක 48 හැවිරිදි මල්ලී හා ඔහුගේ 38 හැවිරිදි බිරිඳ සමග මල්ලීගේ 57 හැවිරිදි අයියාද පොලිසියට පැමිණ සිටියේ පොලිසියෙන් කැඳවුණු පැමිණිලි විභාගයක් සඳහා නොවේ.

තම බිරිඳ හා අයියා අතර ඇතිව තිබෙන ඇඟැලූම්කමට ඉඩ හසර සලසා දීමට පොලිස් පොතේ ලියා සිය කැමැත්තෙන් තම බිරිඳ තම අයියාට බාර දීමටය.

පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සිය කාර්යාංශයට පැමිණ මේ ‘තුන් කට්ටුව’ දෙස විමර්ශනාත්මක බැල්මක් හෙලූවාය.

වාඩිවෙන්න – මොකද මේ?

මල්ලී – මේ මගේ විවාහක බිරිඳ මේ මගේම අයියා. මේ දෙන්නා මට හොරෙන් ආදර ඇඟැලූම්කම් පවත්වනවා. මං ඒකට කැමති නෑ. ඒ නිසා මං මගේ කැමැත්තෙන් මගේ බිරිඳ මගේ අයියගෙ භුක්තියට බාරදෙන්නයි ආවෙ පොලිස් පොතේ ලියල.

උප පොලිස් පරීක්‍ෂකවරිය – එයා තමාගෙ අයිය වුණත් තමාගෙ බිරිඳගෙ අනියම් සැමියානෙ තමා කියන්නෙත් ඒකනෙ. ඉතින් ගෑනියෙක්ව ඇගේ අනියම් සැමියාට බාර දෙන්න පොලිසියට බෑ. ඉස්සර කාලෙ තිබුණනෙ ‘එකගෙයි කෑම’ කියල එකක්. ඔය තුන්දෙනා මනාප නම් ඒකට කිසිම තහංචියක් නෑ (බිරිඳ සිය සැමියා හා ඔහුගේ අයියා හොරැහින් බලා හිනැහෙයි)

උප පොලිස් පරීක්‍ෂකවරිය – (බිරිඳගෙන්) ඇයි තමා සැමියා එක්ක විරසක

බිරිඳ – එයා බීලා ඇවිල්ලා මට ගහනව.

සැමියා – ඔය බොරු කියන්නෙ මෙයා කියන දේ අහන්නෙ නෑ. මෙයාගෙ කට හොඳ නෑ.

උප පොලිස් පරීක්‍ෂකවරිය – (අයියාට) තමාගෙ මල්ලිගෙ ඒ කතාව, තමාටත් යම් දවසක පොලිසියට ඇවිල්ල කියන්න සිද්ධ වෙන්න බැරිකමක් නෑ. මේ තමාගෙ මල්ලියි, එයාගෙ බිරිඳයිනෙ. ඉතින් ඇයි ඒ පවුල කඩා ඉහිරවන්නෙ? තමා විවාහ වෙලා නැද්ද

අයියා – කලින් විවාහ වෙලා හිටියෙ දැන් දික්කසාද වෙලා ඉන්නෙ.

උප පොලිස් පරීක්‍ෂකවරිය – (අයියාට) මේ කාන්තාව තමාගෙ මල්ලිගෙ ලබ්බට තිබ්බ අත, තමාගෙ පුහුලට තියන්නත් බැරිකමක් නෑ. ඒ කෝක වුණත් තමාලගෙ මේ මංගල යෝජනා පොලිස් පොතේ ලියන්න බෑ.

මල්ලීගේ බිරිඳ සමග අයියා නව යුවළක් මෙන් පෙරටුව යද්දී තම බිරිඳ අයියාට දන් දුන් මල්ලී ඒ යුවළ පිටුපසින් බිමට යොමාගත් නෙතින් වතින් යුතුව තවුසකු මෙන් පොලිස් භූමියෙන් මහමගට පිළිපන්නේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *