BREAKING NEWS
Search

පෙම්වතා සමග විවාහ වෙන්න ගෙදරින් ගිය තරුණියගේ මළ සිරුර ළිඳකින් ගොඩගැනේ

232

තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මුතූර් මහෙස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ ඊයේ (05 දා) මුතූර් පොලිසිය විසින් ගොඩගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී (25) නමැති තරුණියයි. ඉකුත් ජූනි 13 දා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගිය දියණිය ජුලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කළ බවත් ඉන් පසුව කතා නොකළ නිසා දියණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම් සසිකලා නැමැත්තිය සේරුනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ජී. අයි. යූ. කේ. සෝමනුවර මහතා මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩ ගනු ලැබීය.

මරා දැමූ තරුණියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා කිළිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත. මළ සිරුර සමග ගොඩගත් තරුණිගේ යැයි සැක කරන ගමන් මල්ලක තිබී භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මහෙස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර තිබුණාමලය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.

සේරුවිල – සුගත් විජේකුමාර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *