පිරිමි ළමුන් 04 දෙනකු සහ ගැහැනු ළමුන් 03න් දෙනෙකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
එම පාසලේ 09 ශ්‍රේණියේ සිසුවියක් විසින් ඊයේ (05) උදෑසන අත්තන ඇට පාසලට ගෙනවිත් ඇය යහළුවන්ට කෑම සඳහා එම ඇට ලබාදී ඇතිබව පොලිසියට අණාවරණය වී තිබෙනවා.
කෙසේනමුත් රෝහල්ගත කළ සිසු සිසුවියන් පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවටයි වාර්තා වෙන්නේ.


















