BREAKING NEWS
Search

ඉන්න දෙන්නෙම නැනෙ. කරැමයක් උනානෙ, මානසික නිදහසක් නැතුව ගියා නෙ – පියුමි හන්සමාලිගේ නමට තිබු වාහනය ගැන පියුමි කියපු දේ

682

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි මෙසේ ෆේස් බුක් සටහනක් තබා තිබෙනවා

 

 මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා 🙊

මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නැ. ඔක විකනුලා දැං අවුරුදක් වෙනවා .එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.ඔය වාහනෙ කුඩු ඇදලත් නැ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නැ.මම කුඩු විකුනලත් නැ.මෙ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි😂
මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනෙ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න උනා.🙊
ගොටාබය සර් පැද්ද එකක් අරංමට තාම කරදර😂
මට මෙ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නැ නෙ මොන කරැමයක් උනානෙ මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.

අත්අඩංලුවට ගත්ත පුද්ගලාගෙ බිරිදගෙ නමට ගත්තෙ බිරිද මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.එ මගෙ හැටි දන්න අය දන්නවා.ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා. ඔක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ. දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මෙ ගහන ගෙම් එකක්.හැබැයි සාප වෙනවා මෙ කරන පවු කාර වැඩෙට .මම නම් සාප ඉල්ලනවා.මාර කරැමයක් උනා නෙ

 


රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මෙම වසර මුලදී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ලද තොරතුරු අනුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *