BREAKING NEWS
Search

ට්‍රැෆික් කොස්තාපල්වරයෙක් දිවි නසාගනී

97

තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ සවස රාජකාරී නිමා වී නිවසට පැමිණීමෙන් පසු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි හක්මන පොලිසිය කියයි.

මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථ වාහන රාජකාරියේ නිරත හක්මන පොත්තෙවෙල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන කේ.එම්.උපුල් දීප දර්ශණ නැමති පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල් වරයාඊයේ පෙරවරු 06 සිට පස්වරු 02 දක්වා තංගල්ල රථවාහන රාජකාරියේ යෙදී සිට ඇත. පසුව අසනීප තත්වයක් ඇති බව පවසා රාජකාරී නිමාකර නිවසට ගොස් තිබේ.පසුව සවස 4ට පමණ නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇත.මියගිය පොලිස් සැරයන් වරයා හා ඔහුගේ බිරිද අතර කලක සිට පවුල් ආරවුලක් පැවත ඇති බව සිදුකළ මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. මියගිය පොලිස් කොස්තාපල් වරයාගේ දේහය ගංගොඩගම ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *