BREAKING NEWS
Search

විභාගය ලකුණු මදියි කියා මව පැවසූ විට ඔහුට ගොඩක් තරහා ගිහින්.. සිත්පිත් නැති පාප පුතෙක් මව සහ සොයුරාව නොඑන ගමන් යැවූ ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..

671
අම්මලා, තාත්තලා දරුවන්ට බනින්නේ තරවටු කරන්නේ හැමදාම ඔවුන් යහමගට ගන්න ඕන නිසා නේ..

ඒත් සමහර දරුවන්ට ඒ දේවල් තේරුම් ගන්න බැරි නිසා සිද්ධ වෙන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහේ දේවල්..

ඇත්තටම මේ කියන්න යන කතාව ඇසූවිට ඔබටත් සිදුවෙලා තියන දේ අදහාගන්නත් බැරි වේවි…. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.. මව සහ සොයුරා ඝාතනය කළ 20 හැවිරිදි තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..

ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවොට්ටියූර් නම් ප්‍රදේශයෙන්..

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම්. පද්මා (45) සහ ඇයගේ බාල පුත්‍රයා වන 10 වැනි පන්තියේ ඉගෙනුම ලැබූ එම්. සංජය (14) නමැති සහෝදරයායි..

මෙම ඝාතනය සිදු කළ තරුණයා උපාධි අපේක්ෂකයෙක් වන අතර තමාට විභාගයෙන් ලකුණු අඩුවීම හේතුකරගෙන මව නිතර නිතර බැන වැදීම නිසා මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු සඳහන්කර සිටියේ..

මෙම තරුණයා සිය පුංචි අම්මාට යැවූ කෙටි පණිවිඩයක් තුළින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා..

ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ සැමිය ඕමානයේ දොඹකර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ අතර පද්මා සිය පුතුන් සමඟ තිරුවොට්ටියූර්හි තිරුනගර් පළමු වීදියේ නැවතී සිටියා..

කෙසේ වෙතත් මෙම අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර මුහුදු වෙරළේ නිදාගෙන සිටියදී ඔහු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා..

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා පැවසුවේ තම පියා උපයන මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් මව නිතර පැවසූ බවත් පවුලේ වගකීම තමන්ට භාර ගැනීමට සිදුවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලෙන් සිටි බවයි..

එම හේතුව නිසාම ඔයාට අධ්‍යාපන කටයුතුද මගහැරුණු බවයි ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශකර සිටියේ..

එම නිසා දැඩි ආතතියෙන් සිටි ඔහු මෙම අපරාධය සිදුකර තමන්ද සියදිවි නසාගැනීමේ තීරණයක සිටි බවයි සැකකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *