BREAKING NEWS
Search

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් බිහිසුණු අනතුරක

297

හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි.

අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණය.

ධාවනය වෙමින් තිබු මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *