BREAKING NEWS
Search

ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා

239

ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ  විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි.

අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැනගන්නට ඇත.

මෙම විදුහලේ සිසු සිසු වියන් එකසිය හතලිස් එක් දෙනකු විභාගයට  අයදුම්පත් පුරවා ඉදිරිපත් කර ඇත. ඉන් 43 දෙනකු සිසුන් වන අතර සෙසු පිරිස සිසුවියන් වේ.

ඉන් 114 විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ  ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදුහල්පතිවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් තමන්ට සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

ත්‍රිකුණාමලය සහිරා විදුහලේ මෙම සිසු සිසුවියන් විභාගය ලියා ඇත්තේ එම විදුහලේම ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයක බව දැනගන්නට ඇත .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *