BREAKING NEWS
Search

ඕස්ට්‍රේලියන් ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනිගනියි

255

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගොඩබා ඇත.

ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කර ඇති බවත් ගමන් අරඹා විනාඩි 50 ක් පමණ ගතවන විට එම ගුවන් යානයේ එක් එන්ජිමක ගින්නක් හටගෙන ඇති බවත් ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව හෝ ගින්න ඇතිවන අවස්ථාවේ ගුවන් යානයේ ගමන් ගත් මගී සංඛ්‍යාව ප්‍රසිද්ධ කර නොමැත.

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂියෙකු එන්ජිම තුළට ඇදී යාමෙන් ගින්න ඇති වන්නට ඇතැයි අනුමාන කරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *