BREAKING NEWS
Search

ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට

163

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් හැපීමෙනි.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණේ, කොල්කොටා සහ ඊසාන දිග ඇසැම් ප්‍රාන්තයේ සිල්චාර් නගරයේ සිට බටහිර බෙංගාලයේ කොල්කොටා නුවර දක්වා ධාවනය වෙමින් තිබුණු ‘කංචෙන්ජුංගා එක්ස්ප්‍රස්’ මගී දුම්රියයි.

දුම්රිය එකිනෙක හැපුණේ තේ වතුවලින් බහුල ඩාර්ජේලීං කඳුකරය ආසන්නයේය.

භාණ්ඩ දුම්රියේ හැපුණු මගී දුම්රියේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගිය බව ද පැවැසෙයි.

පෙරළී විසිවුණු දුම්රිය මැදිරි තුළ  සිරවුණු මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනර්ජි මාධ්‍ය හමුවේ පවසා ඇත.

(සී.එන්.එන්.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *