BREAKING NEWS
Search

ධාවනය වන දුම්රියෙන් නියාමකවරයා අතරමගදී බිම ඇදගෙන වැටිලා

1105

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද (16) අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති අතර සිදු කළ සොයා බැලීමේ දී නියාමකවරයා මැදිරියේ නොසිටි බවට හෙළි වී තිබෙයි

දුම්රිය ධාවනය වෙමින් පැවතියදී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවට පසුව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන්  වෙනත් නියාමකවරයෙකු යොදවා දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *