ඒ අනුව විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු සංශෝධන පනතක් පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් ඊයේ සම්මත කෙරුණා.
මෙම සංශෝධිත නව පනත 2027 වසරේ සිට ජපානය තුළ බලාත්මක වනු ඇති.
එමඟින් සංක්‍රමණ පාලනය සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදේශිකයන් පුහුණු කිරීමයි.
ඊට හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් ඇතුළත්.
එමෙන්ම කොන්දේසිවලට යටත්ව, එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයින්ට අවසර ලැබෙනු ඇති.
දැනට පවතින නීතිවලට අනුව විදෙස් ශ්‍රමිකයින්ට, සේවා යෝජකයන් වෙනස් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.
නව පනත මගින්, ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමිවන විදෙස් ශ්‍රමිකයින් රජයට ගෙවිය යුතු බදු සහ අනෙකුත් ගෙවීම් හිතාමතා පැහැර හරින අවස්ථාවන්හිදී, ඔවුන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට ද හැකියි.
ජපානයේ විදේශ ජනගහනය 2023 දී ලක්ෂ 34 ඉක්ම වූ අතර, ජපාන පුරවැසියන් සංඛ්‍යාව දොළොස්කෝටි හතළිස් තුන්ලක්ෂ පනස් දෙදහසක්.
කෙසේ වෙතත් මෙම වසරේදී ජපාන පුරවැසියන් පන් ලක්ෂ 95,000 කින් පහත වැටී තිබෙනවා.

















