මොන්ටෙනෙග්‍රෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ Matija Sarkic හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
එසේම එංගලන්තයේ මිල්වොල් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙසද කටයුතු කළේ ඔහුයි.
ඔහු අවසන් වරට සිය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ පසුගිය ජූනි 05 වනදා බෙල්ජියම සමග පැවති තරගයට යි.
අද උදෑසන ඔහු හදිසියේ මියගිය බව මොන්ටෙනෙග්‍රෝ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.


















