BREAKING NEWS
Search

සුදු මැණිකත් එක්ක ඔසී ගියපු සංගීත්, රංගනය අතහැර සූපශාස්ත්‍රය තොරා ගනියි?

405

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරු යුවළ, සංගීත් – දිනී දෙන්නා දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ.

 

දෙන්නත් එක්ක එහෙ ගෙවන ජීවිතේ ගැන තොරතුරු, ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර අරන් එනවා.

 

ඔන්න ඒ විදියට සංගීත් කාටත් කිව්ව අළුත් ආ‍රංචියක් තමයි මේ.

 

ජනප්‍රිය නළු සංගීත්, සූපවේදියෙක් වෙලා !!!!

ඡායාරූපයක් එක්කම ඔහු එක්කාසු කළ සටහන කාටත් කියන්නේ එහෙම කතාවක්. ඔහු ඡායාරූපය බෙදාගෙන තිබුණේ, ‘From Actor To Chef’ යන්න විශේෂ කරමින්.

 

 

ඡායාරූපය පිටුපස ඇති සම්පූර්ණ කතාව ඉස්සරහට අපිට අහන්න පුළුවන් වේවි. මොකද සංගීත් – දිනී දෙන්නා ඔවුන්ගේ ජීවිතේ සෑම වැදගත් දෙයක්ම පාහේ රසික සමූහයා එක්ක බෙදාගන්න නිසාවෙන්.

 

ඉතින් ඒ කතාව ඔවුන් කියනකල්, සූපවේදියෙක් හැටියට සැරසුණු සංගීත්ගේ ඡායාරූපයට ලැබෙන සුබපැතුම් නම් මහ හුඟක් දකින්න ලැබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *