BREAKING NEWS
Search

ෂාරුක්ලාටත් දෙනවනම් අපිට දෙන්න බැරි ඇයි? ජෙප්පො බනී කියලා මම මේක එපා කියන්නද? – ආචාර්ය උපාධිය ලැබූ පිං පොං කියන කතාව

242

රජිත හිරාන් නොහොත් පිංපොං ලෙසින් ඔබ දැන අඳුනන රංගන ශිල්පියාගේ ආචාර්ය උපාධිය ලබා ගත් අවස්ථාවක සේයාරුවක් පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත්, රජිත හිරාන් මේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පුවත්පත හා සම්මුඛ වෙමින් මෙසේ අදහස් පළ කර තිබුණා.

‘ගිහිල්ලා සර්ච් කරලා බලන්නකෝ, ඇයි කලාකරුවෙක්ට ආචාර්ය උපාධියක් පිරිනමන්නෙ කියලා. ගූගල් බලන්නකෝ,…. මේක කලාකරුවන්ට විතරක් නෙවෙයි, මේසන් බාස් කෙනෙක්ට වුණත්, වාඩු කාර්මිකයෙක්ට වුණත් මේක දෙන්න පුළුවන්. ඔහු ඔහුගේ වෘත්තිය ඇතුළේ නිපුණතාවය පෙන්වනවා නම් ඔහුට මේක දෙන්න පුළුවන්. ජෙප්පො බනී කියලා මම මේක එපා කියන්නද? අනිත් පැත්තෙන් ෂාරුක් ඛාන්ට ආචාර්ය උපාධි දෙකක් දෙනවා. ෂාරුක් මොනාද කරලා තියෙන්නෙ? ඒලෙවල් විතරයි, ශ්‍රී දේවිට දෙනවා. ඒ විදිහට ඒ අයට දෙන්නෙ එයාලට තියෙන ආදරේ නිසා, මේ නලුවා හොඳයි, ආදර්ශමත්… සමාජයේ සුන්දරව ජීවත් වෙනවා. අන්න ඒ නිසා ගෞරවයක් පිණිස මේ වගේ දෙනවා. ඉන්දියාවේ පුළුවන් නම් අපේ බැරි ඇයි?’

‘මට ජෙප්පො එක්ක කේන්තියක් නෑ, ජෙප්පොයි ජෙවිපි කියන්නෙ දෙකක්, ජෙවිපි කියන්නෙ විප්ලව කරපු මිනිස්සු ටිකක්, උදාරතර හැඟීම් තිබ්බ මිනිස්සු හිටියා ඒ අතර.. හැබැයි සිවිලිම් අස්සෙ, කක්කුස්සි අස්සේ හැංඟෙන ජෙප්පො තමා දැන් ඉන්නෙ….’

‘මීට අවුරුදු තුනකට කලින් තමා මේ ආචාර්ය උපාධිය දුන්නෙ. මම නෙවෙයි මේ ෆොටෝ එක මුලින්ම දැම්මේ, මම ඇත්තටම සන්තෝසයි, මම ආචාර්ය කියන එක, ලෝකෙටම කියාගන්න බැරුව හිටිය එක ලෝකෙට ම දැන් කිව්වනේ. සීයට තුනක් විතරයි මට අකැමැති, නැත්තම් රසිකයෝ මට කැමති…’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *