BREAKING NEWS
Search

කොහොඹ ගසකින් මී පැණි රස කිරක් සොයාගනී

12970

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කන්තලේ වාන් ඇළ ඩෝසර් පාරේ පිහිටි නි‍ෙවසක ගෙවත්තේ ඇති කොහොඹ ගසකින් ඉකුත් 9 වැනිදා සිට කිරි වැනි දියර වර්ගයක් ගලා ඒමට පටන්ගෙන ඇති අතර එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් සිටිති.

අජිත් ප්‍රේමසිරි නමැති අයගේ ඉඩමෙහි ඇති කොහොඹ ගසකින් පැමිණෙන මෙම දියරය යම් මිහිරි රසයකින් යුක්ත අතර පැමිණෙන සියල්ලෝම “හරිම රසයි” කියා බීමට ද පටන්ගෙන ඇත.

නව නි‍ෙවසක් ඉදිකිරීමට අත්තිවාරම කැපීම ආරම්භ කළ දිනයේ තමා විසින් අවට ඇති අතු රිකිලි කපා හෙළි පෙහෙළි කරන අවස්ථාවේ මෙම ගසෙන් සුදු පාට දියරයක් ගලා එනු දැක්ක බවත් මී පැණි වැනි සුවඳක් වහනය වන බැවින් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කටේ ගෑවිට මිහිරි රසයක් දැනුණ බවත් අජිත් මහතා පවසා සිටියේය.

මෙම සිදුවීම තමාගේ වාසනාවට හෝ අවාසනාවට සිදුවන්නක් දැයි තමාට ප්‍රශ්නයක් ඉතිරිව ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අප හා සිනාසෙමිනි.

කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *