BREAKING NEWS
Search

රන් මාල කොල්ලය. සියල්ල CCTV කැමරාවේ. පාරේ යද්දි පරිස්සමින්…

137

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කැස්බෑව, බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල බැදි  රන්මාලය හා පෙන්ඩන් තුනක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු කොල්ලකා පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එලෙස කොල්ලකා ඇත්තේ රුපියල් ලක්ෂ 5කට පමණ අධික වටිනා පවුම් 2 හමාරක් බර රන් මාලයක් සහ රන් පෙන්ඩන් තුනකි.

අදාළ කාන්තාව සුපිරි වෙළඳ සැලට ගොස් මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක් බලාපොරොත්තුව රැඳී සිටියදී ඇය ආසන්නයේම නතර කර තිබූ  ස්කූටර් වර්ගයේ යතුරු පැදියක සිටි පුද්ගලයෙකු එකවරම ඇයගේ ගෙල බැඳි රන්මාලය කඩාගෙන යතුරුපැදියෙන් බටුවන්දර දෙසට පළ යන අයුරු එම CCTV දර්ශනවල සටහන්ව තිබිණි.

පළා ගිය යතුරුපැදියේ ලියාපදිංචි අංකය අනුව සිදුකළ පරීක්ෂාවේදී එම යතුරු පැදිය මොරටුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි එකක් බවත් එය ඉකුත් 10 වෙනි දින රාත්‍රියේ එගොඩවීර ප්‍රදේශයේදී සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී යැයි පොලීසිය පැවසීය.

කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *