සිය පෙම්වතා යැයි පැවසෙන තරුණයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගත් 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් බුත්තල, කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසක භූගත කුටීරයක් තුළ සිරකර සිටියදී බුත්තල පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා.
දින කිහිපයකට පෙර පැහැරගත් දැරිය ඇගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයාගේ ඥාති නිවසක මෙලෙස භූගත කුටීරයක සඟවා සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් තිදෙනා සහ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



















